GPS ගැන ඔබ නොදත් දේ
Global Positioning System (GPS) අැමරිකාවේ අාරක්ෂක අාමාත්‍යාංශය විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකා 27කින් යුත් ජාලයකි.එහෙත් දැනට භාවිත වනවා යැයි වාර්තා වනුයේ චන්ද්‍රිකා 24ක් පමණි.හේතුව අනෙක් චන්ද්‍රිකාවන් 03 අැත්තේ හදිසි අවස්ථාවන්වලදී දුර්වල ක්‍රියාකාරීත්වය සහිත විරහිත වූ චන්ද්‍රකාවන් replace කිරීම සදහා වේ.පෘථිවියේ සිට 20,200 Km දුරින් එම චන්ද්‍රිකා කක්ෂගත කර අැත.පළමු GPS Satellite එක 1978 දී කක්ෂගත කර අැත.මුල් වරට GPS Satellite 24ක මණ්ඩලය පිහිටා අැත්තේ 1994දීය.මුලදී අැමරිකානු හමුදාව සිය අාරක්ෂක කටයුතු සදහා පමණක් මෙම තාක්ෂණය භාවිත කළ අතර පසුව මුළු ලෝකයටම විවෘත කරන ලදී.මෙම චන්ද්‍රිකා ජාලය උපකාරයෙන් යම්කිසි පුද්ගලයකුට තමන් සිටින ස්ථානය හෝ තමන්ට අවශ්‍ය ස්ථානය හෝ අදාළ කාල වේලාවන් පිළිබද සවිස්තරාත්මක තොරතුරු ලබාගත හැක.තවද GPS භාවිතයේදී මුදලක් වැය නොවන අතර ඔිනෑම කාළගුණික තත්වයක් යටතේ ඔිනෑම ස්ථානයක භාවිත කළ හැකිය.GPS චන්ද්‍රිකා දිනකට දෙවරක් ලොව වටා යමින් සංඥා සම්ප්‍රේෂණය කරනු අැත.මෙම තාක්ෂණය විශේෂයෙන් හමුදා කටයුතු වලට භාවිත වුවද වර්තමානය වන විට බහුතරක් සමාන්‍ය ජනතාව පාරවල් සොයාගනිමින් සිය ගමන් බිමන් යාමට භාවිත කරනු අැත.මෙය මුළු ලා්ෙකේම අාවරණය කරන්නා වූ ජාලයක් හෙයින් ලෝකයේ ඔිනෑම තැනක භාවිත කළ හැක.
ඔබගේ දුරකථනය හරහා GPS භාවිතයේදී අවම වශයෙන් චන්ද්‍රිකා 03ක් ඔබගේ අාධාරයට සම්බන්ධ වනු අැත.අද වන විට මෙය ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය පද්ධතියක් බවට පත්ව අැත.තමා සිටිනා ස්ථානය සිතියමකින් බලා ගැනීමට හැකි Navigation System එකක් වන මෙය ක්‍රියාත්මක වීමේදී ඉහතින් කතා කළ පරිදි පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රිකා ගමන් කරනුයේ දත්ත සම්ප්‍රේෂණය කරමිනි.එම දත්ත උපයෝගීකොටගෙන තමා සිටිනා ස්ථානය සොයා ගනු අැත.Navigation System එකක් මගින් සිදුවනුයේ සිටිනා ස්ථානය,යාමට සූදානම් වන ස්ථානයට අැති කෙටිම දුර හා එහි යාමේදී හැරිය යුතු ස්ථාන හඩකින් ප්‍රකාශ වීම වේ.මෙලෙසින් GPS Satellite කිහිපයක් භාවිත කරමින් තමා සිටිනා ස්ථානය සිතියමකින් පෙන්වනු අැත.

පහතින් දැක්වෙනුයේ GPS චන්ද්‍රිකා කක්ෂගත කර අැති අාකාරය වේ.
අපට තමන්ගේ හෝ වෙනත් අයකුගේ ගමන් කරනා වේගය,දිශාව,මාර්ගය,ගමන් කරන ලද දුර ප්‍රමාණය,ගමන අාර්ම්භයේ සිට ගමනාන්තය දක්වාම සියළු තොරතුරු මෙමගින් ලබාගත හැකිය.නමුත් මුල් කාලයේ නැතත් වර්තමානයේ අාරක්ෂක තත්වය මත අාරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මේ සදහා ගැනීමට සිදුවී අැත.අද භාවිත වන GPS Receiver නිර්වද්‍යතාවයෙන් ඉහළ වේ.හේතුව එහි පවත්නා බහු නාලිකා සැලැස්ම වේ.GPS හරියාකාරව ක්‍රියාත්මක වීමට නම් එළිමහනෙහි සිටිය යුතුය.හේතුව ක්‍රියාකාරීත්වයේ නිවැරදි බව වැඩි වීමට නම් GPS උපකරණය හා චන්ද්‍රකාව අතර සෘජු සම්බන්ධයක් තිබිය යුුතු වේ.දුරකථනයක් මගින් GPS තාක්ෂණය භාවිත කරමින් ගමන් විස්තර ලබා ගන්නා අාකාරය පහත වීඩියෝව අැසුරින් නරඹමු.
https://www.youtube.com/watch?v=TaGcrCDLqNA
බුද්ධියෙන් යුතුව විමර්ශනය කරන්න.එය ඔබේ වගකීමකි.

No comments:
Post a Comment