Friday, February 3, 2017

අක්ෂරය පිළිබද ස්ත්‍රීවාදී කියවීමක්



විවිධ කලා කෘති බිහිවෙන,විවිධ කලා කෘති නරඹන,ප්‍රේක්ෂක සමාජයට සිනමාව අලුත් අත්දැකීමක් නොවීම පුදුමයට කරුණක් නොව.සිනමාව බිහි වූ දා පටන් මිනිසුන් එය රස විදින්නට පටන් ගත්තේද පුදුමාකාර කැමැත්තකිනි.එම අසීමාන්තික වෙනස පිටුපස අැත්තේ ස්ත්‍රී පුරුෂ භාවීය වෙනස නොවේද?සිනමා ව්‍යාපාරය හමුවේ පීඩිතයා මෙන්ම ලිංගිකත්වයේ ප්‍රධාන අතකොලුව බවට පත්ව අැත්තේ ස්ත්‍රීයය.ස්ත්‍රීය මෙසේ ප්‍රදර්ශනාත්මක ලෙස අායතනගතවී අැත්තේ පුරුෂයාගේ දැක්ම තුළින්ය.එක්තරා ලෙසකින් සංස්කෘතියද පිරිමින්ගේ නිෂ්පාදනයකි.ඔවුන්ගේම වාසියට නිර්මාණය කර ගත්තකි.එවන් පුරුෂ මූලික වටපිටාවක් නිර්මාණය වීම හමුවේ බෝහෝ විට සිදුවනුයේ ස්ත්‍රිය පුරුෂයාගේ ග්‍රහනයට හසුවීමය.බොහෝ විට කලා කෘතියක ස්ත්‍රීපුරුෂභාවය සමානාත්මතාවයෙන් හෝ ස්ත්‍රිය මූලිකව විග්‍රහ වනුයේද කලාතුරකිනි.එයට ඉඩ හසර අැහිරී අැත්තේද පුරුෂ මූලික බල සංස්කෘතිය මගිනි.එම දෘෂ්‍යමාන සංකල්පය හමුවේ බොහෝ කලා කෘතින් උත්සහ දරනුයේ අැය දුර්වල කිරීමට හෝ වැරදිකාරියක් කිරීමටය.එහෙයින් යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමට පවත්නා ඉඩකඩ වුවද සංස්කෘතිය හමුවේ විනාශ වී යනු අැත.විශේෂයෙන් සිනමාව අභියස අැය වෙළද භාණ්ඩයක් බවට පත්වී අැත්තාක් පමණක් නොව එයින් වින්දනය ලබන ප්‍රේක්ෂක පිරිස විසින්ම අැයව සාදාචාරාත්මක දෝෂාරෝපණයට ලක් නොවන්නේද? තවත් විටෙක යම් කලා කෘතියකින් අැය යුක්ති සහගත මෙන්ම පුරුෂයා හා සමාන්තර චරිතයක් බවට පත් වුවහොත් එම කලා කෘතිය සමාජයට ප්‍රශ්නයක්ද නොවීම නොරහසකි.විටෙක ස්ත්‍රී සමාජයේම එක්තරා කොටසක් විසින්ම එය සංස්කෘතියට එරෙහි  වීමක් ලෙස විවේචන එල්ල කරනු අැත.තවත් කොටසක් එය සාධාරණීකරණය කරයි.මෙසේ විරුද්ධවාදී අදහස් පැන නැගිය හැකි එක් අවස්ථාවක් ලෙස වරක් තහනම්ව නැවත ප්‍රදර්ශණය වූ සිනමා කෘතියක් වන අක්ෂරය දෙස ප්‍රෙක්ෂකයාට සිතැගි පරිදි දෑස් විවර කළ බැලිය හැක.

මෙම චිත්‍රපටය තුළින් කියවෙන තරුණ ස්ත්‍රීයගේ ප්‍රතිරූපය මුල් යුගයේ සිංහල සිනමාවේ පිළිඹිබු කළ ස්ත්‍රී ප්‍රතිරූපයට ප්‍රතිවිරුද්ධ තත්වයක් උසුලනු අැත.අතීතයේ අශෝකමාලා,ගම්බද සුන්දරී,සුජාතා අාදී සිනමා කෘති බිහිවූ සිනමාව තුළ ස්ත්‍රී ප්‍රතිරෑපය ඉදිරිපත් කොට අැත්තේ ඉන්දීය සංස්කෘතික අාභාෂය තුළින් අැති වූ කුල කාන්තාව පිළිබද වූ සංකල්පය තුළිනි.එහිදී ඉදිරිපත් වූයේ අැය විනීත,යටහත් පහත් පුරුෂාධිපත්‍යට යටත්ව ජීවත්වීමය.එහෙත් අක්ෂරයේදී අප දකින ස්ත්‍රිය සමාජය ඉදිරියේ නැගී සිටියි.මෙහි එන කාන්තාව යම් අනන්‍යතාවයක් තහවුරු කරගනු අැත.අැය සිය ස්වාධීන මතයන්ට අනුව කටයුතු කිරීමට තීරණය කරයි.එහෙත් එක්තරා අවස්ථාවකදී අැගේ මව මෙහි එන පුරුෂයා අතින් දූෂණයට පත්වේ.පුරුෂයා සිය දියණිය යැයි නොදැන වුවද අැයටද අත්වන්නේ එ ඉරණමය.මෙය නොකියා හෙළිදරව් කරනුයේ වර්තමාන සමාජය හා සම්බන්ධ සංස්කෘතිය තුළ දූවරුන්ට පියවරුන්ගෙන් සිදුවන ලිංගික හිංසනය නොවේද?පියවරුන් තමන්ගේම දියණිය යැයි දැන දැනත් සිය කාමාශාවන් පිරිමසා ගනී.අක්ෂරයේ මෙම සිදුවීම සැබැවින්ම වර්තමාන සමාජය ප්‍රතිනිර්මාණය කිරීමකි.පතිවත කාන්තාවට අනන්‍ය දෙයක් ලෙස ලේබල් තබන සමාජය විසින්ම කාන්තාවට සිදුවී අැත්තේ එහි ගොදුරක් වීමටය.අැගේ අයිතිවාසිකම් ස්වාධීනත්වයන් සිරකර තබාගැනීමටය.සාමාන්‍ය සමාජයේ සිදුවනුයේ අැයගේ අයිතිවාසිකම් අහිමිවූ තැන අැය ජීවිතයේ සියලු දෙයින් පරාජිත චරිතයක් බවට පත් වීමට සමාජයේ ඉඩහසර නිර්මාණය වීමය.පරිවාස ගතවීමය.එසේත් නැතිනම් ගණිකාවක් ලෙස ජීවත් වීමටය.එහෙත් අක්ෂරයේදී අැය එම අභියෝගයන් බිද දමමින් නැගී සිටී.බොහෝ විට මෙම තත්වයන්ට මුහුණ දීමට සමාජ මට්ටමද හේතුවක් වනු අැත.අක්ෂරයේ වෙනස අැත්තේ එතනය.

හදගමයන් සමාජය ප්‍රතිනිර්මාණය කරන පවුල ධනපතී ප්‍රාන්තිකය.එහි අැති වෙනස කුමක්ද?එය නිර්ධන ප්‍රාන්තික පවුලක්ම තේමාකොටගෙන නිර්මාණය කළ යුතු නැත. මෙහි එන පුරුෂයා සිය වැරැද්ද හමුවේ නිහඩ චරිතයක් බවට පත්ව අැත.අැගේ ප්‍රචණ්ඩකාරී වූ සාධාරණ හැසිරීමම එම තත්වයට ඔහුව පත් කිරීමක් වැන්න.එමෙන්ම අැය වෘත්තියෙන්ද සමාජයේ ස්ත්‍රියගේ වෘත්තිමය තලයට සමාජයේ පවත්නා මතය වෙනස් කරමින් මහෙස්ත්‍රාක්වරියක ලෙස පෙනී සිටී.අැය එතුළ අැයටම හිමි ස්වාධීනත්වයක් ගොඩනගා ගනී.අැයට අැයගේ මතයන් සමග ජීවත් වීමට තරම් ධෙේර්යක් අෑ ගොඩනගා ගනුයේ සාම්ප්‍රදායික සමාජයේ අධ්‍යාපනය නැමැති වරප්‍රසාදය අහිමි වූ සමාජ වටපිටාව සිහි ගන්වමිනි.

සිග්මන් ෆ්‍රොයිඩ් සිය මනෝ විශ්ලේෂණවාදයේදී එක් අවස්ථාවක පුරුෂ මූලික සමාජය නිර්මාණය වීමට ස්ත්‍රිය තුළ පුරුෂ ලිංගික අවයවයන් කෙරහි පවත්නා අාශාව බව ප්‍රකාශ කරයි.සැබැවින්ම එහිදී අැය ඔහුට නොදැනුවත්වම අාකල්පීමය වශයෙන් යටත් වනු අැත.අක්ෂරයේදී අැය චිත්‍රපටය පටන්ගැන්මේ සිටම අැය සිය පුරුෂයාව ලිංගිකව එක්වීමට බලකරමින් තබනුයේ විලාපයකි.අැය ඒ සෑම අවස්ථාවකදීම අෑට සිදුවූ අතීත කතාව කියන්නට ගොස් නිහඩ වනු අැත.අෑ තුළ සැබැවින්ම පවතිනුයේ වෙෙරයකි.නිතරම සිය පුරුෂයාට ඔහුගෙන් වූ වරද සිහි කරයි.වර්තමාන සමාජ සංස්ථාව තුළ එවන් වූ අසාධාරණයක් හමුවේ හඩක් නැගීමට අැයට නොහැකි වීඅැත.හේතුව අැය සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වී තිබීම හා සමාජය අැයව ප්‍රතික්ෂේප කරයි.එම නිසා අැය එම පරාධීණත්වය භාර ගැනීම හා සංස්කෘතිය විසින් බැද දමා අැත.අැය සිග්මන්ගේ මනෝවිශ්ලේෂණවාදය බිද දමමින් පුරුෂ මූලික සමාජය ඒ අවස්ථාවේ බිද දමයි.ඔහු නිහඩ කලකිරුණු චරිතයක් බවට පත් කරයි.ස්ත්‍රීයගෙ ්ලිංගික අාශාව හමුවේ ගොඩනැගෙනා වූ සමාජයට ප්‍රතිවිරුද්ධ තත්වයක් මෙහිදී අැති වේ.එමෙන්ම අැය  කෞතිකාගාරයේ මුරකරු අතින් දූෂණය වීෙම්දී පවා එය සතපහකට ගනන් ගන්නේ නැත.ඒ කෙරෙහි අාශාව දක්වන්නේද නැත.අැය ඒ විගස කිසිදු තැකීමකින්  තොරව නැගිට යයි.සැබැවින්ම මෙහිදී අැය සිය ලිංගික අාශාව මැඩපවත්වා ගැනීම තුළ පුරුෂ මූලික අාධිපත්‍ය සාමාන්‍යකරණය සිදු නොවන්නේද?

එමෙන්ම අැය සිය දරුවාට අසීමාන්තික ලෙස අාදරය කරයි.එතුළම අැය  ධෙෙර්යමත් චරිතයක් බවට පත්ව අැත.අැය මුරකරු අතින් දූෂණය වීම සංස්කෘතිය විසින් ගොඩනගන ලද පුුරුෂාධිපත්‍ය හමුවේ සිදුවන ලිංගික හිංසනය හදගමයන් සිනමාවට රැගෙන එනුයේ වර්තමාන සමාජය ප්‍රතිනිර්මානය කරමිනි.අැය සිය දරුවාගේ ජීවිතය බේරාගැනීම ඒකායන අරමුණ වූ අවස්ථාවක අැයට මෙම අසාධාරණය සිදු වේ.ස්ත්‍රිය දුර්වල වන්නේ අනාරක්ෂිත වන්නේ යම් සේද එතුළ පුරුෂයින් අැයව ලිංගික ගොදුරක් කරගැනීමට බලාසිටින වර්තමාන සමාජය කියවීමකි.

අක්ෂරයේදී අැය ධනපති පන්තිය නියෝජනය කරයි.එහෙත් අැගේ මුහුණේ සිනාවක් නැති තරම්ය.අෑ තුළ සැගවුණ වේදනාවන් රැසකි.අැය සිය පවුල තුළ ගත කරන ජීවිතය මානසිකව පවත්නා පීඩනය පසක් කරයි.අැය අව්‍යාජ බවක් දක්වනුයේ දරුවාට පමණි.අැය ගෘහණියක් ලෙස ජීවත්විය යුතුය යන සංස්කෘතික රාමුවෙන් අෑත්ව සමාජය හා ගැටෙන චරිතයක් බවට පත්ව අැත.අැය චිත්‍රපටය තුළ ඉහළ තනතුරක් දරමින් සමාජ වටිනාකමක් ලබාගැනීමට සමත් වී අැත.සැබැවින්ම වර්තමාන සමාජයේ සමාජ මට්ටම සංස්කෘතියෙන් ගොඩනගා අැති අාකල්ප හමුවේ කාන්තාවගේ මෙම ස්වාධීනත්වය නිදහස අහිමි වීමට සමාජ මට්ටමද බලපානු අැත.හේතුව සමාජය විසින්ම අැය කාර්යබහුල චරිතයක් ලෙසත් ඒ හමුවේ අැය එක්තරා වෘත්තීය රාමුවකට කොටුවීමක්ද දැකිය හැක.හදගමයන්ගේ අක්ෂරය තුළ එම සම්මතය අසම්මතය බවට පත්ව තිබේ.මෙහි එන අැය සංස්කෘතික රාමුවෙන් අෑත්ව සමාජය හා ගැටෙන චරිතයක් බවට පත්ව අැත.අැගේ වෘත්තිය සමාජ පන්තිය තුළ අැය අනන්‍යතාවයක්  හා ශක්තියක් හිමිකරගෙන සිටී.අැය කතා කළ යුතු දේ,සිය ජීවිතයේ කතා කළ යුතු අවස්ථා ,අැය විවෘතව  ශබ්දයෙන් ප්‍රකාශ කරනුයේ නිර්භය වූ හැගීමක් සහිතවය.සැබැවින්ම මේ වර්තමාන සමාජයේ ප්‍රතිවිරුද්ධ තත්වය නොවේද .එය සිනමා කෘතිය තුළ ධනපති පංතිය සීමාකොටගෙන ප්‍රකාශිත වුවද පොදුවේ කාන්තාවගේ විවෘතභාවය දෙස,ශක්තිය දෙස නෙත් විවර කළ බැලීමකි.අැයටත් ස්වාධීනව කටයුතු කළ හැකි බව සමාජයට මතක් කර දීමකි.මෙම සිනමා පටය පුරාම මා දකිනුයේ ස්ත්‍රී අාධිපත්‍යයකි.නමුත් එය යථා සමාජයේ සිදු නොවන දෙයකි.අැය එසේ හැසිෙරනුයේ අෑට වූ හිංසනය හේතුවෙනි.එහෙත් යථා සමාජයේද සිදුවී අැත්තේ සංස්කෘතිය විසින් සමානාත්මතාවය බැද දමා තැබීමකි.ඒ  හේතුවෙන් අක්ෂරය විටෙක සමාජයේ එක් කොටසකට සංස්කෘතිය සදාචාරය බිද දැමීමක් විය හැකිය.

සිනමා පටය තුළ පුරුෂයා විශ්‍රාම ගිය මහාධිකරණ විනිසුරුවරයකුෙග් චරිතය නියෝජනය කරන විට අැය මහේස්ත්‍රාත්වරියක ලෙස ඉහළ තනතුරක් නියෝජනය කිරීම තුළ පවා සමහර ප්‍රේක්ෂකයන්ගේ මතය වූයේ මෙම තත්වය ගැලපෙනුයේ ධනපති පංතියට බවය.එහෙත් සමාජයේ අසාධාරණයන්ට හිංසනයන්ට ගොදුරු වූ කාන්තාවන් අැයගේ චරිතයෙන් තමාව දකින්නට පටන්ගනී.එහෙත් අැයට  මෙන් කතා කිරීමට ශක්තියක් නොමැතිව සියල්ල සිතෙහි සිරකරගනිමින් ජීවත් වේ.වර්තමානයේ සමහර කාන්තාවන්හට අධ්‍යාපනය ලැබීමට පවා වෘත්තිමය වශයෙන් ඉහළ යාම පවා පුරුෂ අාකල්ප පද්ධතිය හමුවේ සිහිනයක් බවට පත්ව අැත.සැබැවින්ම විය යුත්තේ අනෙකාට අැගිල්ල දිගු කිරීමට ප්‍රථම තමන් ස්වාධීනව කටයුතු කිරීමය.අක්ෂරයේදී එවන් වූ ප්‍රතිවිරුද්ධ යථාර්ථයක් කතා කරයි.අක්ෂරය චිත්‍රපටයේ ස්ත්‍රී නිරුවත් ශරීරය දැකීමෙන් අැය දූෂණයන්ට ලක්වීම අැයට සිදුවන සමාජ අසාධාරණය දැකීමෙන් තිගැස්මකට ලක්වන්නේද එවැනි විකෘති කාමාතුරයින්ය.
කාන්තාවගේ නිදහසට පීඩාකරන්නන්ය.එහෙයින් අප සිනමා කෘතියක් රස විදීමෙන් කළ යුතු වන්නේ එම අශිෂ්ටත්වය එසේම අනුකරණය කිරීම නොව එයින් ව්‍යුක්තව තම මනස තුළ තමන්ට සීමා පරිදි රූපය ගොඩනගාගෙන ජීවත් වීමය.එසේ නොවන්නට ස්ත්‍රීයටද අයිතීන් සාමානාත්මතාවයන් හිමි සමාජයක් ස්ථාපිත කරගැනීමට නොහැකිය.එහෙත් අවාසනාවන්ත ලෙස සිදුවනුයේ අෑට සිදුවන්නා වූ හිංසනයන්ට තිගැස්මට ලක්වී සිනාසී  ප්‍රේක්ෂකයන්ද එය සාමාන්‍ය දෙයක් ලෙස සැලකීමය.විටෙක එයම සිදු කිරීමය.අද වන විට සිනමාවටද කාන්තා නිරුවත සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.ප්‍රධාන ධාවකයා මෙන්ම ඉත්තා බවටද පත්ව අැත්තේ කාන්තාවය.අැය සිනමාවෙන් අෑත් විය යුතුය යන්න මාගේ තර්කය නොව නිර්මාණය අවසානයේදී සිතිය යුත්තේ අැගේ සමාජ අසාධාරණය සාමානාත්මතාවය අහිමිවීම විනා අැය පසුපස හබා යාම හෝ අැයව තව තවත් එම තත්වයට අැද දැමීම නොවේය.ස්ත්‍රියගේ ගෞරයව අනන්‍යතාවය කෙළසා දමන සමාජය විසින්ම අැගේ සාදාචාරය සෙවීම වැරදිය.අැයද මනුෂ්‍යයකි.අක්ෂරයේදී කාන්තාව වෙනස් ලෙසකින් දැකීමට හදගමයන් උත්සහ දරා අැත.සිනමා කෘතියෙන් ලබන තෘප්තියට සාමාන්තරව අප එය බුද්ධියෙන් බැලිය යුතුය.ප්‍රශ්න නැගිය යුතුය.ඊට ප්‍රේක්ෂකයන් ලෙස අපට නිදහසක්ද තිබේ.

No comments:

Post a Comment