Saturday, February 4, 2017


ලැම්බෝගිනි(Lamborghini)



කාලයත් සමග බෝහෝ දෙනෙකුගේ කතාවට ලක් වූ අතිශය ජනප්‍රිය මාතෘකාවක් වූ මෙය පිළිබද අපේ රටේ මාධ්‍ය තුළින්ද විවිධ කතා අැසෙන්නටවිය.ලැම්බෝගිනි යනු අධිවේගී,සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන අතර වෝක්ස්වැගන්සමාගමට අයත් ඔඩි සන්නාම අංශයට මෙය අයත් වේ.සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත.මෙහි නිර්මාපකයා වන්නේ ඉතාල ජාතිකයෙකු වූFerruccio Lamborghini මහතාය.මොහු ගවපොර (bullfighting ) පිලිබඳ මහත් උනන්දුවක් දැක්වූ අතර Lamborghini  මෝටර් රථ ලාංඡනය ලෙස fighting bull තෝරා ගන්නා ලදි.






දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ.
ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කලක් ගත වනවිට එනම් වර්ෂ 1951 දී පමණ යුද වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු ප‍්‍රථම වරට ට‍්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කළේය. ඉන් නොනැවතුණු ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි, ඔහු විසින්ම නිෂ්පාදනය කළ එන්ජිමක් යොදා ගනිමින් එම ට‍්‍රැක්ටර් රථය වැඩිදියුණු කරන ලද අතර එක් මසකදී ට‍්‍රැක්ටර් රථ 400කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමේ භාග්‍යය ද ඔහුට හිමිවිණි.
නමුත් ෆෙරුසියෝ ලැම්බෝර්ගිනිගේ සිහිනය එතෙකින් නිමා නොවුණු අතර ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සිතැඟි පරිදි ධාවනය කළ හැකි සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමයි. අද වනවිට රේසින් කාර් කුලකයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින ලැම්බෝගිනියේ විකාශය ආරම්භ වන්නේ එතැනිනි.
ඒ අනුව තවත් මෝටර් රථ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව අශ්ව බල 350ක පමණ බල ඇති එන්ජිමකින් යුක්ත පළමු ලැම්බෝගිනි කාරය නිෂ්පාදනය කිරීමට වර්ෂ 1963 පමණ වනවිට ඔහුට හැකි විය. Lamborgini 350 GTV  ලෙස නම් කරන ලද එම මෝටර් රථයේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එම වර්ගයේ කාර් 120ක් පමණ එක වසරක් තුළ අලෙවි කර ගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට හැකියාව ලැබී ඇත.මෙය 1964දී නිෂ්පාදනය වී අැත.මෙය නිර්මාණය වී අැත්තේ මුලින්ම විද්‍යුත් බලයෙන් ධාවනය වී පසුව වේගය වැඩිකරන විට ඉන්දන බලයට මාරුවිය හැකි අාකාරයටය.එය පැයට කිලා් මීටර 254 ක  වේගයකින් ධාවනය කිරීමේ හැකියාව තිබිණි.

 එතැන් සිට විවිධ මාදිළිවලින් විකසනය වූ ලැම්බෝගිනි කාරයේ නිල සලකුණ වශයෙන් යොදාගෙන ඇත්තේ සටන් වදින ගොනෙකුගේ ඡායාරූපයකි. ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින් ස්පාඤ්ඤ ගොන් පොර සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දැක්වීමත් ඔහුගේ උපන් ලග්නය වෘෂභ ලග්නය වීමත් එයට හේතුව විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.
පැයට කිලෝමීටර් 349ක වේගයෙන් ධාවනය කළ හැකි ලැම්බෝගිනි කාරය Carbon Body  එකකින් යුක්ත වන අතර කි.ග‍්‍රෑ. 999ක පමණ බරකින් යුක්තය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා ජපානය වැනි රටවල බහුල වශයෙන් මෙම කාර් රථය ජනප‍්‍රිය වී ඇති අතර 2011 වර්ෂයේ දී ලැම්බෝගිනි වර්ගයේ කාර් 1711ක් පමණ නිෂ්පාදනය කර ඇත.

2014දී ඔවුන් පාරිභෝගිකයන් අතට පත්කළ ලැම්බෝගිනි මෝටර් රථ සංඛ්‍යාව 2,530 ක් බව ලැම්බෝකාර්ස් වෙබ් අඩවියෙන් ඉදිරිපත් වේ.
මේ අාකාරයට මෙම අායතනය මගින් නිෂ්පාදනය කර අැති ප්‍රධාන මෝටර් රථ මාදිලි කිහිපයක් පහත හදුනාගත හැකි වේ.මීට අමතරව වෙනත් අනු මාදිලි පවතී.ලැම්බෝගිනි මෝටර් රථ බොහොමයකට නම් තබා අැත්තේ ස්පාඤ්ඤ වැනි රටවල දක්නට අැති ගොන් පොර තරගවලදී සටන් වැදුණු සටන්කාමී ගොනුන්ගේ නම්වලින් වීමද විශේෂ ලක්ෂණයක් වේ.මෙම මාදිලි අතරින් වැබිම ප්‍රමාණයක් නිපදවා අැත්තේ 2003-2013 කාලයේ  නිෂ්පාදනය වූ Gallardo වන අතර එය 14,022ක් වේ.අඩුම ප්‍රමාණයක් නිෂ්පාදනය කර අැත්තේ  එගොයිස්ටා වේ.මේ අයුරින් ලැම්බෝගිනි අද වන විට ප්‍රමුඛ  පේලේ මොටර් රථ සමාගමක් බවට පත්ව අැත.

එගොයිස්ටා


1964 - 1968










































































No comments:

Post a Comment